flag Read in English
helakuru

හෙළකු​රු

ඩිජිටල් දෛනි​ක සේවා

payhere

PayHere

ඩිජිටල් මූල්‍ය​ සේවා

hapan

හප​න්

ඩිජිටල් අධ්‍යාපනික සේවා

helakuru

හෙළකු​රු

ඩිජිටල් දෛනික සේවාවන් හරහා
ශ්‍රී ලාංකීකයින්ගේ එදිනෙදා දිවියට සවිබලයක් වෙමින්

හෙළකුරු යනු දේශීයකෘත ඩිජිටල් සේවා සැපයීම හරහා ශ්‍රී ලාංකීය ජනතාවගේ දෛනික අවශ්‍යතාවයන් සපුරාලන අපගේ පාරිභෝගික-කේන්ද්‍රීය ඩිජිටල් සන්නාමයයි.

ඩිජිටල් සිංහල රචනය
එසැණ පුවත් සහා රසවින්දන
ශබ්දකෝශ සහ ජ්‍යෝතිෂ්‍ය සේවා
සෞඛ්‍ය සත්කාර චැනලින් සේවා
රීලෝඩ් සහ බිල් ගෙවීම් සේවා

2011

හඳුන්වාදුන් වර්ෂය

මිලියන 5+

ජනතාවක් සවිබලන්වයි

PayHere

ඩිජිටල් මූල්‍ය සේවාවන් හරහා
ශ්‍රී ලාංකීය ව්‍යාපාරයන්ට සවිබලයක් වෙමින්

PayHere යනු අන්තර්ජාලය ඔස්සේ මුදල් ගෙවීම් ලබාගැනීමේ සේවා සැපයීම හරහා ශ්‍රී ලාංකීය ව්‍යාපාරයන්ගේ ඔන්ලයින් ගෙවීම් අවශ්‍යතාවයන් සපුරාලන අපගේ ව්‍යාපාර-කේන්ද්‍රීය සන්නාමයයි.

සරල අන්තර්ජාල ගෙවීම් බාරගැනීමේ සේවා
බහුවිධ ක්‍රම ඔස්සේ ගෙවීම් ලබාගැනීමේ පහසුකම්
පහසු මෘදුකාංග සමඟ ගෙවීම් ඒකාබද්ධකිරීම්
පුනරාවර්තන ගෙවීම් සහ ස්වයංක්‍රීය ගෙවීම් සේවා

2016

හඳුන්වාදුන් වර්ෂය

750+

ව්‍යාපාරයන් සවිබලගන්වයි
payhere
hapan

හප​න්

ඩිජිටල් අධ්‍යාපනික සේවා හරහා
දැයේ දූ දරුවන්ගේ ඉගෙනුමට සවිබලයක් වෙමින්

හපන් යනු දේශීයකෘත ඩිජි​ටල් අධ්‍යාපනික සේවා සැපයීම හරහා දැයේ දූ දරුවන්ට සතුටින් සහ විනෝදයෙන් ඉගෙනීමට මං පෙත් විවර කර​වන, අපගේ ශිෂ්‍ය-කේන්ද්‍රීය සන්නාමයයි.

දේශීයකෘත අධ්‍යාපනික අන්තර්ගතයන්
ආකර්ශනීය ලෙස සජීවීකරණය කළ ඉගැන්වීම්
සෙල්ලම් මුසු වූ ක්‍රියාකාරකම් සහිත ඉගැනුම්
දෙමව්පියන් සඳහා ප්‍රගති වාර්තා

2018

හඳුන්වාදුන් වර්ෂය

30,000

දූ දරුවන් සවිබලගන්වයි

අප පවතින්නේ ඇයි?

සමාගමක් ලෙස අප පවතින්නේ, සමාජ අවශ්‍යතාවයක් මතයි. එය අපගේ අනාගත දැක්ම, මෙහෙවර සහ සමාජ-හිතවාදී වටිනාකම් ඔස්සේ අවධාරණය කෙරේ.

අපගේ දැක්ම

ඩිජිටල් තාක්ෂණයන් හරහා මහජනයා සවිබලගැන්වීම

අපගේ මෙහෙව​ර

දේශීයකෘත ඩිජිටල් නිපැයුම් හා සේවාවන් හඳුන්වාදීම හරහා ඩිජිටල් තාක්ෂණයන්ගේ සැබෑ ප්‍රතිලාභ මහජනයා හට අත්පත් කර දීම

අපගේ වටිනාකම්

ඇල්ම - සැම දෙයම හදවතින් ඉටුකිරීම
නව්‍යකරණය - රාමුවෙන් එපිට නිර්මාණශීලීත්ව​ය
අවංකත්වය - නිහතමානීත්වය සහ නිර්ව්‍යාජත්වය
ගුණාත්මය - ඕනෑම දෙයක් උපරිමයෙන් කිරීම
ඵලදායීතාව - නිදහස මද පදනම් වූ කාර්යක්ෂමතාව
සංස්කෘතිය - එක පවුලක් සේ වගකීමෙන් බැඳීම

අප සිදුකරන කාර්යයන්

අපගේ වටිනා පාරිභෝගිකයින් වෙත උසස් තත්ත්වයෙන් යුත් සේවාවක් සැපයීම සඳහා නවෝත්පාදනයේ සිට පාරිභෝගික සේවය දක්වා වූ අපගේ අගයන් දාමයේ සියලුම කාර්යයන් අප විසින්ම සිදු කරනු ලබයි.

නිර්මාණකරණය

නිපැයුම් සංවර්ධනය

අලෙවිකරණය

නවෝත්පාදනය

භාවිතයට හඳුන්වාදීම

නඩත්තු කිරීම

මූල්‍ය ඉපැයීම

පාරිභෝගික සේවය

අපගේ මූල්‍ය ක්‍රමෝපායන්

උසස් තත්ත්වයෙන් යුත් අපගේ ඩිජිටල් සේවාවන් නොමිලේ හෝ දැරිය ​හැකි මිලට ඔබ වෙත පිරිනැමීමට අපට හැකි වී තිබෙන්නේ අප අනුගමනය කරන නව්‍ය ව්‍යාපාරික මූල්‍ය ක්‍රමෝපායන් හේතුවෙනි.

Freemium

මූලික සේවාව නොමිලේ සපයනු ලබයි. ගාස්තු අයකරනු ලබන්නේ ඉහළ ඉල්ලුමක් සහිත අමතර විශේෂාංගයන් සඳහා පමණි.

Subscription

ආරම්භක ගාස්තු කිසිවක් නැත. අපගේ සේවා ගාස්තුව දෛනිකව හෝ මාසිකව ස්වයංක්‍රීයව අයකරගනීම සිදුවේ.

In-app Purchases

සේවාව නොමිලේ අත්විඳ අත්හදා බැලීම​ට ඉඩසලසයි. ඔබ තෘප්තිමත් නම් පමණක් ගාස්තු ගෙවා පූර්ණ සේවාව ලබාගත හැක.

අපගේ ජයග්‍රහණයන්

එදා මෙදා තුර සමාගමක් ලෙස අප ආ ගමනේදී ජාතිකව සහ ජාත්‍යන්තරව අප හිමි කරගන්නා ලද ඇගයීම්, සම්මාන සහ ජයග්‍රහණයන් ගණන අපගේ කාර්යමණ්ඩලයේ සිටින සේවක සංඛ්‍යාවටත් වඩා වැඩිය.

team-bhasha

අපගේ සහකාර සමාගම්

දෛනික සේවා සඳහා ක්‍රමෝපායික සහකරු

මූල්‍ය සේවා සඳහා බාරකාර බැංකු සහකරු

යෙදුම් සේවා සඳහා ගාස්තු අයකරගැනීමේ සහකරු

යෙදුම් සේවා සඳහා ගාස්තු අයකරගැනීමේ සහකරු

අපගේ සේවාලාභීන්

ශ්‍රී ලාංකීකයින් මිලියන 5 කට අධික පාරිභෝගික පිරිසකට සහ පහත ප්‍රධාන පෙළේ ආයතනයන්ට අප අපගේ සේවාව සලසන්නේ මහත අභිමානයෙනි.

people

අපගේ නායකත්වය

අප මෙහෙයවනු ලබන්නේ වසරේ හොඳම තොරතුරු තාක්ෂණ ව්‍යවසායකයාට හිමි සම්මානය හිමිකරගත්, දැක්මක් සහිත සම්මානලාභී ව්‍යවසායකයෙකුගේ නායකත්වය යටතේය.

නමින් ධනික පෙරේරා වන ඔහු මොරටුව විශ්විද්‍යාලයේ පරිගණක විද්‍යා හා ඉංජිනේරු විද්‍යාවේදී ගෞරව උපාධියකට හිමිකම් කියන අතර, මේ වන විට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර පරිපාලනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය අපේක්ෂාවෙන් සිටියි.
2013 වර්ෂයේ දී මොරටුව විශ්වවිද්‍යාලය මඟින් පිරිනැමෙන නැගීඑන ව්‍යවසායකයා සම්මානය ද, 2014 වර්ෂයේ දී ශ්‍රී ලංකා පරිගණක සංගමය මඟින් පිරිනැමෙන නැගීඑන තොරතුරු තාක්ෂණ නායකයාට හිමි සම්මානය ද දිනාගත් ඔහු, 2015 වසරේදී NBQSA සම්මාන උළලේදී SLASSCOM සංගමයෙන් පිරිනැමෙන, වසරේ හොඳම තොරතුරු තාක්ෂණ ව්‍යවසායකයාට හිමි සම්මානය ද දිනා ගැනීමට සමත් විය.

අපගේ කාර්යමණ්ඩලය

සමාගමක් ලෙස අප සිදුකරන සියලුම කාර්යභාරයන් ඉටුකරනු ලබන්නේ, අපම තනාගත් නිදහස සපිරි අපගේ සමාගම් සංස්කෘතිය තුළ, නිරන්තරයෙන් ඵලදායී සේවාවක නියැලෙන අපගේ විශිෂ්ට කාර්යමණඩලය විසිනි.

team-bhasha

අප හා සම්බන්ධ වන්න

අපගේ නව සමාගම් නිවහනට සංක්‍රමණය වීමට තව ස්වල්ප කාලයක් ඇත. එතෙක් අපගේ ලිපිනය මෙන්න.

භාෂා ලංකා (පුද්) සමාග​ම
742/1/1, ගාලු පාර,
කළුතර 12000,
ශ්‍රී ලංකාව

info@bhasha.lk
+94 34 2040600